කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එයින් 232ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, සෙසු ආසාදිතයින් 30 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වී තිබේ.
අද වන විට මිනුවන්ගොඩ – පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර 33,260ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 36,926ක් වන අතර, සුවය ලැබු සමස්තය 28,267ක් වේ.






















