Tuesday, July 28, 2026
HomeNEWSකොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයේ සේවකයින් පිරිසකට කොවිඩ්

කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයේ සේවකයින් පිරිසකට කොවිඩ්

කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තයේ සේවකයින් 12කට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

රෝගී වූ කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තයේ සේවකයෙකු සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බවට හදුනාගැනීමෙන් අනතුරුව එහි තවත් සේවකයින් පිරිසකට පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ (19) සහ අද (20) යන දිනවලදී ද එහි සේවකයින් පීසීආර් පරීක්ෂණය සඳහා යොමු කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය  හමුවකදී බලශක්ති වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත මහතා මෙසේ අදහස් පළ කළේය.

“පසුගිය සඳුදා කොළොන්නාවේ සේවක මහත්මයෙක් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කරනවා. එහිදී පීසිආර් පරීක්ෂණයක් සිදුකරාම ඔහු පොසිටිව් වෙනවා. ඒ වාර්තාව අනුව කොළොන්නාවෙන් වහාම ඔහුට ගෙදර යන්න කියනවා. සඳුදා ගෙදර ගිය කොවිඩ් රෝගියා ගියේ වත්තල හුණුපිටියේ නිවස. ඒ ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවා තරුණ, බිරිඳ ඉන්නවා. බ්‍රහස්පතින්දා හවස තමයි ඔහුව ගෙනියන්නේ ඊට පස්සේ තමයි කොළොන්නාවේ ඊයේ තමයි පරීක්ෂණ පටන් ගන්න යන්නේ. ඒ වෙනකොට ප්‍රවාහන අංශයේ කාන්තාවකට කොවිඩ්. 14කට ඊයේ වෙද්දි කොළොන්නාවේ කොවිඩ්. හරියට පරීක්ෂණ කරලා නෙමෙයි.“

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාදෙන ලෙස ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img