Sunday, September 13, 2026
HomeNEWSමනුෂ්‍ය ඝාතන දෙකක්

මනුෂ්‍ය ඝාතන දෙකක්

මනුෂ්‍ය ඝාතන දෙකක්

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (20) රාත්‍රියේ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි බොරැල්ල සරණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර හම්බන්තොට ගොන්නෝරුව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින්  27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන අතර හම්බන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img