STF මෙහෙයුමකින් ඇල්ලු කහ
නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද වියළි කහ තොගයක් සමඟ පුද්ගලයෙකු මට්ටක්කුලිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්රදේශයේ සිය නිවස තුළ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වියළි කහ කිලෝග්රෑම් 1,950 ක් සොයාගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.






















