Tuesday, July 28, 2026
HomeNEWS"උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය" කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ සුරතින් විවෘත...

“උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ සුරතින් විවෘත වෙයි!

“උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ සුරතින් විවෘත වෙයි!

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් උණ දැව ආශ්‍රිත කර්මාන්ත දාමය (Industry Chain Line) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) අනුග්‍රහයෙන් ආරම්භ කළ “උණ දැව ආශ්‍රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය” අද (21) කටුබැද්ද ලක්සල පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

උණ වගාව ප්‍රචලිත කිරීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදන හදුන්වා දීම, අපනයන සංවර්ධනය සහ ආශ්‍රිත සේවා සැපයීම මෙම පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණු වේ. පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් අදාළ ක්‍රියාවලිය සහ උණ දැව යොදා ගනිමින් සිදුකළ නිර්මාණ සමීපව නිරීක්ෂණය කරන ලදි. UNIDO සංවිධානය විසින් මෙම පුහුණු මධ්‍යස්ථානය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100,000ක තාක්ෂණික උපකරණ ලබා දී තිබේ.

මෙම මධ්‍යස්ථානය මගින් උණ දැව ආශ්‍රිත ව්‍යාපාරවල යෙදෙන සහ නවක ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන්, රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල සහ පරිශීලකයින් සඳහා ප්‍රධාන තොරතුරු සහ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙමින් ඊට අවශ්‍ය වෙළදපොළ පිළිගැනීම ලබා දීමට කටයුතු කිරීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය උපකරණ සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම මගින් ව්‍යාපාරය වෙත යොමුවන ව්‍යවසායකයින් දිරිගැන්වීම, උණ ශාකය ආශ්‍රිත නිෂ්පාදන සඳහා වූ ජාත්‍යන්තර සම්මුති, ප්‍රකාශන සහ අනෙකුත් තොරතුරු අඩංගු මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම, උණ දැව ආශ්‍රයෙන් කරන ලද නිර්මාණ සහ විවිධ නිෂ්පාදන සඳහා ප්‍රදර්ශනාගාරයක් ලෙස කටයුතු කිරීම, පුහුණු මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන සමග උණ ආශ්‍රිත නව නිෂ්පාදන සහ පර්යේෂණ පිළිබදව සම්බන්ධීකරණ කාර්යාලයක් ලෙස කටයුතු කිරීම යන සේවාවන් සැපයීමට නියමිත ය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් පී. එල්. යූ රත්නමලල, UNIDO සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක නිරෝෂනි පීරිස්, ජාතික මෝස්‌තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන බුද්ධික විමලසිරි, ආලෝක වාහලවත්ත යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img