Thursday, September 17, 2026
HomeNEWSනිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි කෙරේ

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි කෙරේ

නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙනඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

එළඹෙන උත්සව සමය තුළදී ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍යවරයා සඳහන් කරයි.

නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, “හිටගෙන මගීන් ප්‍රවාහනය කෙරුවොත් රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් අත්අඩංගුවට අරගෙන නීති මගින් කටයුතු කරන්න වෙනවා. ප්‍රවාහන අධිකාරියත් එක්ක කතා කරලා,  ඒ වෙනුවට ඒ අයට හැකියාව තියෙනවා බස් රථ ප්‍රමාණය වැඩිකර ගන්න. බස් හිමියෙක් ගාව බස්රථ දෙක තුනක් තියෙනවා නම් මේ කාලෙදි අතිරේක ගමන්වාර සාකච්ඡා කරලා යොදා ගැනීමේ හැකියාව තියෙනවා,” යනුවෙන් ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img