Thursday, July 30, 2026
HomeNEWSකොවිඩ් වැළඳී මියගිය බිළිඳාගේ මරණය සැකසහිතයි කියා මව්පියන් අධිකරණයට යයි

කොවිඩ් වැළඳී මියගිය බිළිඳාගේ මරණය සැකසහිතයි කියා මව්පියන් අධිකරණයට යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මරණයට පත්වූ බව පැවසෙන දින 21 ක් වයසැති බිළිඳෙකු ආදාහනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝගයක් නිකුත්කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි එම බිළිඳාගේ පියා වන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහීම් සහ මව පාතිමා ශෆ්නාස් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කරඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 7 දෙනෙකු නම් කර ඇත.

දින 21ක් වයසැති සිය දරුවාට හදිසියේ උණ රෝගයක් හටගැනීම හේතුවෙන් පසුගිය 7 වනදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරතිබූ අතර එහිදී වෛද්‍යවරුන් විසින් දරුවාට ප්‍රතිකාර ලබාදුන් බව පෙත්සම්කරුවන් පවසයි.

අනතුරුව කොවිඩ් ආසාදනය වී දරුවා මියගිය බව රෝහල් බලධාරීන් විසින් දැනුම්දුන් බව පවසන පෙත්සම්කරුවන්, දරුවා හදිසියේ ආදාහනය කිරීමට පියවරගත් බවට චෝදනාකර සිටී.

කොවිඩ් හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගේ මළසිරුරු ශීතාගාරවල රඳවා තිබියදී තම දරුවාගේ මෘතදේහය පමණක් හදිසියේ ආදාහනය කිරීම සැකසහිත ගැටලු සහගත තත්ත්වයක් බව පෙත්සම්කරුවන් පවසයි.

දරුවා කොවිඩ් ආසාදනය වී මියගිය බව තහවුරු කරන ලේඛන කිසිවක් රෝහල් බලධාරීන් විසින් තමන්ට ලබානොදුන් බවද පෙන්වාදෙන පෙත්සම්කරුවන්, මියගිය දරුවා නැවත PCR පරීක්ෂණයකට භාජනය කරන ලෙස තමන් විසින් කළ ඉල්ලීම ද රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරයි.

විධිමත් පරීක්ෂණයකින් තොරව සිය දරුවා ආදාහනය කිරීම සිය ආගමික විශ්වාසයන්ට පටහැනි අතර මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

ඊට අමතරව දරුවා රෝහල්ගත කළ අවස්ථාවේ සිට ආදාහනය කිරීම දක්වා කාලසීමාව තුළ ලබාදුන් සියලු ප්‍රතිකාර හා ඊට සම්බන්ධ සියලුම වෛද්‍ය වාර්තා කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස ද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයින් ආදාහනය කළයුතු බවට නියම කරමින් පසුගිය අප්‍රේල් මස 11 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය යළි විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ද වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවන් එම ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img