Thursday, July 30, 2026
HomeNEWSදිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්න - PHI සංගමය ඉල්ලයි

දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්න – PHI සංගමය ඉල්ලයි

බස්නාහිර පළාත තුළ කොවිඩ් ආසාදිතයින් බහුතරයක් වාර්තාවීම හේතුවෙන් උදාවන අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් යම් සංචරණ සීමාවක් පැනවිය යුතු බවට ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් ක‍ළේය.

“කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමාවේ රෝගීන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වෙනවා. අපිට හඳුනාගත නොහැකි මට්ටමින් සමාජයේ රෝගීන් සැරිසරනවා. ගම්පහ සහ කළුතරත් එවැනිම තත්ත්ව වාර්තා වෙමින් තියෙනවා. එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උදාව නිසා ප්‍රධාන කණ්ඩායම් 3ක් අවදානම්කාරී ලෙස ගමන් කරන ආකාරය අපිට නිරීක්ෂණය වුණා. පළමු කණ්ඩායම බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු වෙනත් පළාත්වල පිරිස්. මේ වනවිට ඔවුන් නිවෙස් කරා ගමන්කරමින් ඉන්නවා. දෙවැනි කණ්ඩායම පිටිසරබද ප්‍රදේශවල ඉඳලා බස්නාහිර පළාතට භාණ්ඩ හා සේවා ලබාගැනීමට එන පිරිස්. ඔවුන් ඉතාම අවදානම් ආකාරයට කටයුතු කරමින් සිටින ආකාරය පේනවා. තුන්වැනි කණ්ඩායම බස්නාහිර පළාතේ නිරෝධානය තත්ත්වයන්ට යටත් වෙලා සිටි පිරිස්. ඔවුන් ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල විනෝද චාරිකා සිදුකරනවා.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img