හෝමාගම මාකුඹු ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ නිවසක් තුළදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුවී ඇති බවය.
අදාළ කාන්තාව විසින් පිරිමි පුද්ගලයාගේ ගෙල වයරයක් ආධාරයෙන් හිරකර මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා 26 හැවිරිදි පරණමුල්ල දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවටගෙන ඇති අතර මියගිය මෙම පුද්ගලයා මෙම කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.






















