Thursday, July 30, 2026
HomeNEWSමත්ද්‍රව්‍ය භාවිත කිරීමට යොදාගන්නා උපකරණයක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය භාවිත කිරීමට යොදාගන්නා උපකරණයක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සදහා  නිර්මාණය කරන ලද උපකරණ‍යක් සමග රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය හා ලක්ෂ 2කට අධික මුදලක් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු  ඊයෙ (23)  තලංගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බවට සැක කෙරෙන “වැල්ලේ සුරංග” නැමැත්තාගේ සහ බත්තරමුල්ලේ සංජු නැමැත්තාගේ ගෝලයෙක් වන ඉකුත් දා අත්අඩංගුවටපත් “තලාහේනේ බඩී” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සිදුකළ බවට සැකකරන රජිත නමැති (36) හැවිරිදි සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා සැකකරු විසින් නිර්මාණය කලා යැයි සැකකරන උපකරණයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1.800ක් සමගින් තරාදියක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා උපකරණ කිහිපයක්, සහ ජංගම දුරකථන දෙකක් සැකකරු සතුව තිබී සොයා ගෙන ඇත.

තලංගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය, මුදල් හා අදාල උපකරණ සොයාගත් බව පොලීසිය පැවසීය.

සැකකරු අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img