කිසිසේත්ම අද (24) මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට අදහසක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද උදෑසන “දෙරණ අරුණ” වැඩසටහනට එක්වෙමින් ඒ මහතා ඒ බව පැවසීය.
නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ එළඹෙන උත්සව සමයේ අඩුම වශයෙන් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින බවය.






















