Thursday, July 30, 2026
HomeNEWSජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

මෙරට කිතුනු ජනතාව නත්තල සමරන්නේ මින් වසරකට වැඩි කාලකට පෙර පාස්කු ඉරුදින සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවසන්නේ එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිතබව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව අගමික වතාවන්හි නිරතවීමට සියලුදෙනාට අවස්ථාව සැලසීමට හැකිවී ඇති බවය.

එමෙන්ම වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම ද එලෙසින්ම සිදුවනු ඇතිබව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම කොවිඩ් -19 වසංගතය හමුවේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට ජේසුස් වහන්සේ දෙසූ ධර්මය උපයෝගී කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර මෙම නත්තල් දිනයේ සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු වියයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ දිළිදුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගතකරන්නට අධ්‍යාත්මික සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවය.

මේ අතර සාමය තේමාව කොටගෙන අනෙකාට උදව් කරමින් නත්තල සමරමු යනුවෙන් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.

මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත් ස්වභාවධර්මය සහ සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයත් දක්වන්නට ජේසුතුමන් උගන්වා ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img