Friday, September 18, 2026
HomeNEWSරුපියල රැකගන්න මහ බැංකුවෙන් පියවර කිහිපයක්

රුපියල රැකගන්න මහ බැංකුවෙන් පියවර කිහිපයක්

රුපියල රැකගන්න මහ බැංකුවෙන් පියවර කිහිපයක්

රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතැන් පටන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව පෙන්වා දෙයි.

මෙම ක්‍රියාමාර්ගත්, අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය ඉකුත් නොවැම්බර් මස නිරීක්ෂණය කළ අමෙරිකානු ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

නිල සංචිත ප්‍රමාණවත් මට්ටමින් පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව නැවත අවධාරණය කර තිබේ.

සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා ද සාර්ථක අවසාන අදියරකට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙමගින් ඉදිරි කාලයේදී විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ණය නියමිත පරිදි පියවීම සඳහා ද උපකාරී වනුඇති බවද පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...

සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රධාන අංශ 3ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් – ජනපති

රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අවුරුදු 13ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img