Saturday, August 1, 2026
HomeNEWSපොලිස් මෙහෙයුමක් අතරතුර ඇතිවූ සිද්ධියකින් සැකකරුවෙක් මරුට

පොලිස් මෙහෙයුමක් අතරතුර ඇතිවූ සිද්ධියකින් සැකකරුවෙක් මරුට

පොලිස් මෙහෙයුමක් අතරතුර ඇතිවූ සිද්ධියකින් සැකකරුවෙක් මරුට

පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

“පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන්. ඔහු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙක්. එම සැකකරු වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක්. අද අලුයම මෙම සැකකරු සමග යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ඇති වූ සිද්ධියකදී මෙම සැකකරු රෝහල්ගත කිරීමකදී මියගොස් ඇති බවට වාර්තා වුණා. මෙම සැකකරු විසින් කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරියෙක් තුවාල ලැබුවා.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇති පරිදි, ගංජා ජාවාරම පිළිබඳව පොලීසියට තොරතුරු දුන් සිවිල් පුද්ගලයෙකුගේ දෑත් දෙපා කැපූ මෙම සැකකරු පොලිස් වෙඩිපහරින් මරණයට පත්වී තිබේ.

අදාළ සැකකරුට ගම්පහ මහාධිකරණයේ නඩු 2ක්, මාරවිල මහාධිකරණයේ නඩුවක්, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විහාග වෙමින් පවතින බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img