Sunday, August 2, 2026
HomeNEWSදෛනික වැඩිම ආසාදිතයින් දෙමටගොඩින්

දෛනික වැඩිම ආසාදිතයින් දෙමටගොඩින්

දෛනික වැඩිම ආසාදිතයින් දෙමටගොඩින්

කොවිඩ් ආසාදිතයින් 549 දෙනෙකු ඊයේ (28) හඳුනාගත් අතර දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් වාර්තා වී තිබේ.

තවදුරටත් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ආසාදිතයින් 237 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇත.

දෙමටගොඩින් පමණක් ආසාදිතයින් 121 දෙනෙකු වාර්තා වූ අතර කිරුළපන, වැල්ලවත්ත, මරදාන, කොල්ලුපිටිය හා බම්බලපිටිය යන ප්‍රදේශවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර ඊයේ හඳුනාගත් ආසාදිතයින් 124 දෙනා අතරට මහර, මීගමුව, ඒකල, ගම්පහ නගරය,ජාඇල හා බියගම ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා විය.

මීට අමරතව මහනුවරින් 44ක්, කළුතරින් 39ක්, කුරුණෑගලින් 20 ක්, අම්පාරින් 19ක් හා තවත් දිස්ත්‍රික්ක 12කින් ආසාදිතයින් 47 දෙනෙකු හඳුනාගැනුණි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 41,603 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 33,221 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් 8,188 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...

ආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගියදා...

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි. සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති...

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img