Sunday, August 2, 2026
HomeNEWSලබන වසරේ හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ගෙන ඒමට පියවර

ලබන වසරේ හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ගෙන ඒමට පියවර

ලබන වසරේ හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ගෙන ඒමට පියවර

කොවිඩ් නයින්ටීන් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාදෙන එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සැලසුම් කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, ලොව පුරා මේ වන විට හඳුන්වා දී ඇති සියලු එන්නත් පිළිබඳ නිසි අධ්‍යයනයකින් අනතුරුව ශ්‍රී ලංකාව සුදුසු එන්නත තෝරාගැනීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව ලබන වසරේ මුල් මාස 2 තුළ අදාළ එන්නත මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“මේ වන විට කුමන එන්නතක් ලංකාවට සුදුසු ද යන්න සියලුම වාර්තා සැකසෙමින් පවතිනවා. ඒ වගේම මේ සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එන්නත් සඳහා වු විශේෂිත ජනාධිපති බලකායක් පිහිටුවලා තියෙනවා. ඒ මගිනුත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ එන්නත ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු දැන් කෙරෙමින් පවතිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි හෝ පෙබරවාරි මාසය වන විට අපිට මේ සඳහා කොයි එන්නත අපි ගෙන්වන්නේ නැතිනම් කොපමණ ප්‍රමාණයක් ලංකාවට ගේනවද කොයි කොයි වයස් කාණ්ඩවල අයට ද මේ එන්නත අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක රටේ ජනතාවට කියන්න. දැනටමත් මෙයට අවශ්‍ය ඉල්ලුම් කිරීම් සියලුදේවල් ලෝක සෞඛ්‍ය සංවිධානයට අපි යොමු කරලා තියෙනවා. අපේ රටට වඩාත් ගැළපෙන එන්නත කුමක් ද කියන එක තීරණය කිරීමෙන් අනතුරුව ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගියදා...

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි. සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති...

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img