Sunday, August 2, 2026
HomeNEWSවිද්‍යාවේ ජයග්‍රහණයක්

විද්‍යාවේ ජයග්‍රහණයක්

විද්‍යාවේ ජයග්‍රහණයක්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත සඳහා බ්‍රිතාන්‍යය විසින් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව එම එන්නතට අනුමැතිය ලබා දුන් පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයයි.

එරට කොවිඩ් ආසාදිතයින්ගේ ගණන දෛනිකව ඉහළ යමින් ඇති පසුබිමක එම එන්නත ජනතාවට ලබාදීම සඳුදා (04) සිට අරඹන බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය බලධාරීන් පැවසීය. 

එම එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර ඇති අතර එක එරට ජනගහනයෙන් මිලියන 50ක් සඳහා ප්‍රමාණවත් වේ.

එක්සත් රාජධානිය මේ වනවිටත් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත මිලදී ගෙන එන්නත්කරණ වැඩසටහනක් අරඹා ඇති අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත අනුමත කිරීමත් සමගම එරට මුළු ජනගහැනයට අවශ්‍ එන්නත් ප්‍රමාණය සපයා ගැනීමට හැකිවෙතැයි සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.  
 
ඒ අතර, එංගලන්තයේ කොරෝනා වෛරස ආසාදිතයින් වැඩි වැඩියෙන් හමුවීමත් සමගම එරටට “අදියර 4” සංචරණ සීමා හඳුන්වා දී තිබේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නතට අනුමැතිය හිමිවීමත් සමග අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ එය “බ්‍රිතාන්‍යයේ විද්‍යා ක්ෂේත්‍රය” ලැබූ ජයක් බවය.

“අපි ඉතා ඉක්මනින් හැකි තරම් ජනතාවට එන්නත දීමට ක්‍රියාකරනවා,” යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...

ආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගියදා...

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි. සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img