කෑගල්ලේ කොවිඩ් පැණියට තවත් අනුමැතියක්
කොවිඩ් වෛරසය මර්දනයට ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධයට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් නයින්ටීන් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වූ බව පසුගිය 29 වැනිදා “අද දෙරණ“ රටට අනාවරණය කළේය.
ඉන් අනතුරුව මෙම දේශීය ඔෂෟධය පිළිබඳව ඉදිරි පර්යේෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදුකරන ලෙස ජනාධපතිවරයා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී උපදෙස් ලබාදුන්නේය.






















