Sunday, August 2, 2026
HomeNEWSඋත්සව නොපවත්වන්නැයි ඉල්ලීමක්

උත්සව නොපවත්වන්නැයි ඉල්ලීමක්

උත්සව නොපවත්වන්නැයි ඉල්ලීමක්

නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ඉදිරි දිනවල කොවිඩ් ආසාදිත පොකුරු ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“ඉදිරි දවස් දෙක තුළ අලුත් අවුරුද්ද උදාවීමත් සමගම නොයෙක් විදියේ උත්සව හා සාද පවත්වන කාලයක්. නමුත් තවදුරටත් අපේ රට තුළ කොවිඩ් 19 රෝගීන් දිනපතා සිය ගණනක් වාර්තා වන විට සාද හා උත්සව වෙනදා වගේ අපිට පැවැත්වීමේ අපහසුවක් තියෙනවා. අපි දැක්කා පහුගිය දවස්වලත් නොයෙක් අවස්ථාවල දී රෝගීන් පොකුරු වාර්තාවීමට ප්‍රධානතම හේතුව වුණේ විවිධ ආකාරයේ උත්සව. ඒ වගේ අවස්ථාවල දී ආසාදිතයෙක් හිටියොත් බොහෝම වේගයෙන් ඒ වගේ අවස්ථාවලදී පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී අලුත් අවුරුද්ද සැමරිය යුත්තේ අලුත් ආකාරයකට, කොවිඩ් රෝගය බෝ නොවන ආකාරයකට.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි...

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක්-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවෙයි. නැණ ඉසුර ශිෂ්‍යත්වය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපනය සෑම...

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img