Sunday, August 2, 2026
HomeNEWSමාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම ගැන පරීක්ෂණ

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම ගැන පරීක්ෂණ

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම ගැන පරීක්ෂණ

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම සැළකිල්ලට ගෙන ගල් කොරිවලට ලබා දෙන පුපුරණ ද්‍රව්‍ය නිසි පරිදි භාවිතා කිරීම හා ගල්කොරි අධීක්ෂණයට විශ්‍රාමික හමුදා නිලධාරියෙක් පත්කිරීමට තීරණය කර තිබේ.

එම නිලධාරියා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුයුක්තව පත්කිරීමට නියමිතය.

මේ අතර, දිනකට කැඩිය හැකි කළුගල් ප්‍රමාණය අනුව වෙඩි බෙහෙත් නිකුත් කෙරෙන අතර මාවනැල්ලේ ගල් කොරියක තිබු පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීමත් සමග ඒවා වෙනත් බාහිර පාර්ශ්වයක් වෙත කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සඳහා ලබාදුන්නේද යන්න කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රටේ සියලු ගල්කොරිවල කටයුතු විදිමත් පරිදි අධීක්ෂණය සඳහා පියවර ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

කළු ගලක් කැණීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් ලබාදීමෙන් පසු පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඒ සම්බන්ධ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි...

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක්-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවෙයි. නැණ ඉසුර ශිෂ්‍යත්වය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපනය සෑම...

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img