Tuesday, August 4, 2026
HomeNEWSකංසා ගැන නීති ලිහිල් කරන්නැයි දේශීය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

කංසා ගැන නීති ලිහිල් කරන්නැයි දේශීය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

කංසා තවදුරටත් අවදානම් සහිත මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වීම ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් පියවරට අනුගතවෙමින් මෙරට නීතිද ලිහිල් කරන ලෙස සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටි. 

අද (03) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමය අවධාරණය කළේ, ලෝකයේ සෙසු රටවල් මෙන් ඖෂධ ඇතුළු කංසා නිෂ්පාදන නීතිගත කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවය. 

කැනබීස්  සෙටයිවා (Cannabis setiva) යන විද්‍යාත්මක නමින් හඳුන්වන කංසා ශාකය, ත්‍රෛලෝක පත්‍ර හෙවත් විජය පත්‍ර ලෙස ආයුර්වේදයේදී හදුන්වනු ලබයි.

මෙරට කංසා භාවිතය තහනම් කරනු ලබන්නේ, ඉංග්‍රීසි පාලන සමයේදී දුම්කොළ වගාව සහ දුම්පානය ප්‍රචලිත කිරීමේ අරමුණින්ය.

සමස්ත ලංකා දේශිය වෛද්‍ය සංගමයේ උපදේශක වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මහතා පවසන්නේ පුළුල් පරාසයක ඖෂධ ගැන කතා කළ හැකි බෝගයක් ලෙස කංසා හැඳින්විය හැකි බවය.

මේ වනවිට ලොව දියුණු රටවල් රැසක් කංසා මගින් ඖෂධ ඇතුළු විවිධ නිෂ්පාදන සිදුකරන්නේ කංසා නීති ලිහිල් කරමිනි. 

එය මානසික උත්තේජනය ඇති කෙරෙන THC සංකීර්ණය අධික ශාක විශේෂයකි.

එමෙන්ම එහි ඇති පෝෂණීය ගුණය, මන්දපෝෂණය පවා දුරු කිරීමට හැකි බව දේශීය වෛද්‍යවරුන් පවසයි.

ඒ අනුව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය පවසන්නේ, කංසා සම්බන්ධයෙන් පවතින නීති වහා ලිහිල් කළ යුතු බවය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්‍යයි ජනපති දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා...

මාලිමා ආණ්ඩුව දිගටම ජනතාව රවටනවා-නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

වර්තමාන මාලිමා ආණ්ඩුව දිගින් දිගටම මේ රටේ ජනතාව මුලා කරමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් අසත්‍යයෙන්ම රට පාලනය කරමින් සිටින බවත් ජනතාව මින් ඉදිරියට වර්තමාන ආණ්ඩුවට...

කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක්

ඉදිරි පැය 24 කාලය තුළ දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රා. ලේ. කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය ගැන අධිකරණ ඇමතිවරයා මහානාහිමිවරුන් දැනුම්වත් කරයි

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබුවේ කිසිසේත්ම එක් විනිසුරුවරයෙකු පමණක් ඉලක්ක කර ගනිමින් නොවන බවත් සමස්ත අධිකරණ පද්ධතිය තුලම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img