Tuesday, August 4, 2026
HomeNEWSඅද කාලගුණය

අද කාලගුණය

ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (04) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තදවැසි ද ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තදවැසි බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආරුගම්බේ ‘සන්සෙට් වීව් පාර්ක්’ ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

​ ​ආරුගම්බේ 'සන්සෙට් වීව් පාර්ක්' ව්‍යාපෘතිය අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.. ​ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය සියලුම තොරතුරු සහ සේවාවන් එකම වහලක් යටින් ලබාදීමේ...

අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – විපක්ෂ නායක සජිත්

නඩු කටයුතු ප්‍රමාද වීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කඩිනමින්...

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්‍යයි ජනපති දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා...

මාලිමා ආණ්ඩුව දිගටම ජනතාව රවටනවා-නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

වර්තමාන මාලිමා ආණ්ඩුව දිගින් දිගටම මේ රටේ ජනතාව මුලා කරමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් අසත්‍යයෙන්ම රට පාලනය කරමින් සිටින බවත් ජනතාව මින් ඉදිරියට වර්තමාන ආණ්ඩුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img