Tuesday, August 4, 2026
HomeNEWSනාලක ජීවක අංජලී සහ අසංක ට ඇප

නාලක ජීවක අංජලී සහ අසංක ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප නියම කර තිබේ.

නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අද සවස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන්ව මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අතර ඔවුන්ගේ විදෙස්ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කෙරිණි.

එසේම ඔවුන්ට සති 2කට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද අධිකරණය නියෝග කළේය.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබාදී තිබුණි.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා ඊයේ පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.

ඒ, රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවය.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමටද නීතිපතිවරයා තිරණය කර ඇති බව වාර්තා විය.

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් 2011 වසරේ සිටම එහි තැන්පතුකරුවන්ගෙන් වරින්වර චෝදනා එල්ල විය.

තැන්පතුකරුවන්ට ඔවුන්ගේ හිමිකම් ලබාගැනීමේ ගැටලු උද්ගතවූ අතර ඒ හේතුවෙන් උද්ඝෝෂණ සහ විරෝධතා සිදුකෙරුණි.

සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජනවාරි මස 09 වනදා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබීය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාගේ එම කොමිසමේ සභාපතිත්වය දැරීය.

ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් පරිදි ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් යන ආයතනවල තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමද ඉකුත් වසරේ ජූලි මස 25 වැනිදා ආරම්භ කෙරුණි.

ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණේ ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා ය.

එම වාර්තාව මත පදනම්ව තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා මත ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...

නඩු කටයුතු කඩිනම් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සජබ අත්සන් තබයි

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ යෝජනා ගැනීමට සමගි ජන බලවේගයෙ තේරීම් කාරක සභාවක් ඉල්ලයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු...

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද (04) සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img