විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තාවකාලිකව වැසේ
කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හමුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා ඒ බව හෙළි කළේය.
ඒ අනුව පීසීආර් පරීක්ෂණ 50ක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආශ්‍රිතව සිදුකර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.






















