Tuesday, September 1, 2026
HomeNEWSබන්ධනාගාර තුළ ආසාදිතයින් යළි ඉහළට

බන්ධනාගාර තුළ ආසාදිතයින් යළි ඉහළට

බන්ධනාගාර තුළ ආසාදිතයින් යළි ඉහළට

ඊයේ (07) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 532 අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ. ඒ ආසාදිතයින් 226ක් ලෙසය.

ඒ අනුව කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 27 දෙනෙක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත.

මීට අමතරව බ්ලුමැන්ඩල් 23ක්, දෙමටගොඩින් හා අවිස්සාවේල්ලෙන් 19ක්, බොරැල්ලෙන් 12ක්, කොම්පඤ්ඤවීදියෙන් 13ක්, නාරාහේන්පිට 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 50ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 46ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 31 වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වු ආසාදිතයින් අතර බන්ධනාගාර රැඳවුවන් 93 දෙනෙකු ද වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.

මහනුවර ආසාදිතයින් අතරින් 33ක් බෝගම්බර බන්ධනාගාරයෙන් ද, ගම්පහ ආසාදිතයින්ගෙන් 13 මීගමුව බන්ධනාගාරයෙන් ද, ගාල්ලේ ආසාදිතයින්ගෙන් 39ක් ගාල්ල බන්ධනාගාරයෙන් ද වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනයේ සෙසු ආසාදිතයින් මඩකලපුවෙන් 16ක්‍, කෑගල්ල 16ක්, මාතරින් 15ක්, අම්පාර 14ක්, කුරුණෑගල 12ක්, රත්නපුරයෙන් 8ක්, යාපනයෙන් 8ක්, මාතලේ 5ක්, අනුරාධපුරයෙන් 3ක්, නුවරඑළිය දෙකක් හා යාපනයෙන් එක් ආසාදිතයෙක් හමුවී තිබේ.

ඒ අනුව සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 46,780 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 39,661 දෙනෙකු  බව වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කළේය. 

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 6,900  දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img