Tuesday, September 1, 2026
HomeNEWSසිරසට එරෙහි වාරණය යළි දීර්ඝ කෙරේ

සිරසට එරෙහි වාරණය යළි දීර්ඝ කෙරේ

සිරසට එරෙහි වාරණය යළි දීර්ඝ කෙරේ

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි  MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවත් දීර්ඝ කර තිබේ.

කොළඹ දිසා අධිකරණය විසින් එම වාරණය ජනවාරි 13 වනදා දක්වා දීර්ඝ කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

එම නඩුවට අදාළව ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද ? යන විමසීම සිදුකිරීම සඳහා එය කොළඹ දිසා විනිසුරු හෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද (08) කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ මූලික විමසීම සිදුකළ කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඉදිරියේ එම නඩුව විමසීමට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා හමුවට මාරු කෙරුණි.

ඒ අනුව මෙම නඩුවේ අතුරු තහනම් නියෝගය පිළිබඳව විමසීම තමන් විසින් සිදු කරන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 13 වනදා දැනුම් දෙන බව කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ප්‍රකාශ කළේය.

එතෙක් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බවද විනිසුරුවරයා නියෝග කළේය.

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන “රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල” ආනයනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර MTV චැනල් පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවෘත්ති විකාශ ඔස්සේ අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවය.

ඉකුත් නොවැම්බර් මස 11,13,16 සහ 19 යන දිනවල  ප්‍රවෘත්ති විකාශ ඔස්සේ මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ද්වේෂ සහගත අරමුණකින් වගඋත්තරකාර ආයතනය විසින් අසත්‍ය, ගොතන ලද සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බව පැමිණිලිකරු කියා සිටියේය.

මේ තුළින් සිය  කීර්තියට දැඩි හානියක් සිදු වූ බව ඔවුන් පෙන්වාදෙයි.

ඒ අනුව තම ආයතනයේ කීර්තියට හානි සිදුකළ හැකි අසත්‍ය සහ ගොතන ලද පුවත් විකාශය කිරීම වළක්වාලීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, සිය කීර්තියට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම සහ එහි සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img