Tuesday, September 1, 2026
HomeNEWSඩලස් ගා කරන්ට් ගිය හැටි

ඩලස් ගා කරන්ට් ගිය හැටි

ඩලස් ගා කරන්ට් ගිය හැටි

ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

මාතර ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

මාතර, මොරවක ප්‍රදේශයේ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනයක ආලෝක පද්ධතිය විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් විවෘත කර තිබේ.

ඊයේ (09) රාත්‍රියේ එහි ප්‍රදර්ශන තරගය පැවැත්වෙන අතරතුර හදිසියේ විදුලිය විසන්ධි වීමක් සිදුවිය.

එහිදී අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා සිටියේ, “ඩලස් ගාලා ගියා කියලා හිතුවේ ගිය වේගයෙන්ම ඩලස් ගාලා ආපහු කරන්ට් එක ආවා.“ යනුවෙනි.

“පාර්ලිමේන්තුව ලෙස බලා ඉන්නකොට මොකද්ද අපිට පේන්නේ. තමන්ගේ ප්‍රතිවාදයාගේ මතය කොයි තරම් ඉවසනවා ද? විපක්ෂය, ආණ්ඩු පක්ෂයේ පසමිතුරු කණ්ඩායමේ මන්ත්‍රීවරයාට ආමන්ත්‍රණය කරන්නේ කොහොම ද? කැලේ ඉන්න හැම සතාගේම නම් කියලා බනිනවා. සිංහයාගේ ඇරෙන්න හැම සතාගේම කියනවා. උඹ සිංහයා කියලා කියන්න බෑනේ. එහෙම චරිත ඝාතනය කරන මොන පක්ෂයක මොන මන්ත්‍රී දිහා බැලුවත් ඒකටත් මහා පොදු සාධකයක් තියෙනවා. ඒ කවුරුවත් තමන්ගේ පාසල් ජීවිතේ දී වත් ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා ඉදලා නෑ. මේක විඳගන්න බෑ. ඔරොත්තු දෙන්නේ නෑ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img