Tuesday, September 1, 2026
HomeNEWSනාකොටික් නිලධාරීන් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

නාකොටික් නිලධාරීන් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

නාකොටික් නිලධාරීන් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මහතා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව කියාසිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් පස් දෙනෙකුට කොවිඩ් හා ආසාදනය වී තිබෙන බව එම නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාවකට ඉකුත් දිනවල කොවිඩ් ආසාදනය වීම නිසා මෙම විමර්ශනයට අදාළව බාහිර පුද්ගලයින් ගෙන්වා ප්‍රශ්න කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුනොවූ බව පෙන්වා දුන් එම නිලධාරියා මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන මේ වනවිට යළි ආරම්භ කර තිබෙන බව ද දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගත් වාහන 10 ක් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img