Tuesday, September 1, 2026
HomeNEWSපිල්ලෙයාන් ට එරෙහි පරරාජසිංහම් ඝාතන නඩුව තවත්දුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව...

පිල්ලෙයාන් ට එරෙහි පරරාජසිංහම් ඝාතන නඩුව තවත්දුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දන්වයි

පිල්ලෙයාන් ට එරෙහි පරරාජසිංහම් ඝාතන නඩුව තවත්දුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දන්වයි

දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් නොහොත් පිල්ලෙයාන් ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ විභාග වන නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) අධිකරණයට දැනුම් දී තිබේ.

රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා ඒ බව අධිකරණයට දැන්වීය.

2005 නත්තල් දින දේවමෙහෙයට එක්වී සිටියදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයෙදී වෙඩික්කරුවෙක් විසින් පරරාජසිංහම් මහතාව ඝාතනය කෙරිණි.

එම ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සහ තවත් පස් දෙනෙක් ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඉන් පස් දෙනෙක් අද අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිළිබඳ ව ලබන බදාදා තම තීරණය ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා දැන්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img