Tuesday, September 1, 2026
HomeNEWSගංවතුර අනතුරු ඇඟවීමක්

ගංවතුර අනතුරු ඇඟවීමක්

ගංවතුර අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 6ක කාලය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඒ අනුව කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් බලපානු ලබයි.

සැලකිය යුතු වර්ෂාපතනයක් කලා ඔය ඉහළ ධාරා ප්‍රදේශයට ලැබී ඇති අතර, මේ වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර අද දහවල් 12.30 වන විට රාජාංගනයෙන් තත්පරයට ඝන අඩි 12,000 ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇති වෙන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

රාජාංගන ජලාශයේ පහළ ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යාමට හා ජල පහර රළු වීමට ඉඩ ඇති බැවින් කලා ඔය භාවිත කිරීම අනතුරුදායක විය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img