Wednesday, September 2, 2026
HomeNEWSනැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ නිල මතය

නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ නිල මතය

නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ නිල මතය

නැගෙනහිර ජැටිය විකිණීමට, බදුදීමට හෝ කොටසක් පැවරීමට ආණ්ඩුව කිසිම තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ දී මාධ්‍යවේදිනියක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්න – 
නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විවිධ මත පළවෙනවා, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා 51%ක අයිතියක් රජයට තියාගෙන ප්‍රතිව්‍යුහ ගතකරන්න සූදානමක් තිබෙනවා කියලා. අග්‍රාමාත්‍යවරයා පවසනවා මේක විකිණීමේ කිසිසේත්ම ක්‍රමවේදයක් නැහැ කියලා. ඊයේ දිනයේදී ජැටිය සුරැකීමේ සංවිධානයක් පවා බිහි වුණා, මොකක්ද මේ රජයේ මතය මේ සම්බන්ධයෙන් ?

“මෙම ජැටිය පෞද්ගලික සමාගමකට විකිණීමට හෝ බදු දීමට හෝ කොටසක් පැවරීමට  ආණ්ඩුව කිසිම තීරණයක් අරගෙන නැහැ. එය තමයි අගමැතිතුමාගෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයට පත්වූණේ, ආණ්ඩුවේ නිල මතය.“

ප්‍රශ්න – 
කැබිනට් සංශෝධනයක් එනවා කියලා, අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් එහෙම දෙයක් ඉදිරියට වෙන්න තිබෙනවාද ?

“අමාත්‍ය මණ්ඩල සංශෝධන පිළි බඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ සඳහන් වෙන්නේ අගමැති තුමාගේ අදහස් විමසා ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩල ඕනෑම මොහොත කළ හැකියි.  එහෙම විමසීමකින් තොරවම කරන්නට පුළුවන් දේ තමයි විෂයන් මාරු කිරීම. ඒ නිසා මෙය ජනාධිපතිතුමාගේ ඇසියයුතු ප්‍රශ්නයක් මිස අපිට පිළිතුරු දීමට හැකි ප්‍රශ්නයක් නොවේ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...

අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9081ක් නිකුත් කිරීමට පියවර ගත්තා-අධිකරණ ඇමති

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.අධිකරණ ඇමති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img