Tuesday, September 1, 2026
HomeNEWSවිදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැගෙන ඒම පිළිබඳ පැහැදිළි කෙරේ

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැගෙන ඒම පිළිබඳ පැහැදිළි කෙරේ

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැගෙන ඒම පිළිබඳ පැහැදිළි කෙරේ

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල සිටින ශ්‍රමිකයින් අද (13) දිනයේ සිට දිනපතා රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

රජයේ නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ වන 300 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස දිවයිනට දිනපතා පැමිණෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ (12) දිනයේ සිට මුදල් ගෙවා සහ මුදල් නොගෙවා පුද්ගලයින් 66,000ක පිරිසක් මෙරටට පැමිණීමට ලියාපදිංචි වී ඇති බව සදහන් වේ.

මේ අතර දෛනිකව මෙරටට රැගෙන එන විදෙස්ගත ශ්‍රමිකයින් ඉහළ යෑමත් සමග ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල දාරිතාව ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක් මෙරට තුළ ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටිය හැකි දාරිතාව 3000 සිට 6000 දක්වා ඉහල නංවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිටත් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල 6267 දෙනෙකු නිරෝධායනය වෙමින්  සිටින බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img