Tuesday, September 1, 2026
HomeNEWSජනපති අගමැති සහ විපක්ෂ නායකගේ තෛපොංගල් පණිවුඩ

ජනපති අගමැති සහ විපක්ෂ නායකගේ තෛපොංගල් පණිවුඩ

ජනපති අගමැති සහ විපක්ෂ නායකගේ තෛපොංගල් පණිවුඩ

දමිළ – හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ.

“අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත ලෙස දැක්වේ.

කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදුකෙරෙන බව සඳහන් ය.

මේ අතර ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වු නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරවීමෙන් තමන්ටත් තම පවුලටත් රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා වේවා යන්න තෛපොංගල් උත්සවය සමරන දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදාකිරීම තමාගේත්, රජයේත් ඒකායන ප්‍රාර්ථනාව බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පවසයි.

කළගුණ සැලකීම ශ්‍රී ලාංකේය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ, නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුද කෙරෙන තෛපොංගල් උත්සවය අපේ සමාජය අනාදිමත් කලක සිට අගය කරන සාරධර්ම සංඛේතවත් කරන බවය.

එබැවින් තෛපොංගල් උත්සවය ජාතික සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

මේ අතර ස්වභාවධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානූෂිය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකාට වෙනස් වුවද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අභියෝගාත්මක කාල වකවානුවක වුවද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැපවී සිටින බවය.

සොබාදහමට සමීපව තෛපොංගල් සමරමු යනුවෙන් සඳහන් කරමින් සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් එක්කර තිබේ.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරන තෛපොංගල් මංගල්‍යය නිමිත්තෙන් සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර  පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බවය.

මහජනයා අතර සුහදත්වය මෙන්ම, අන්‍යෙන්‍ය අවබෝධය උදාකර ගතහැකි උග්තුංග අවස්ථාවක් ලෙසද තෛපොංගල් උත්සවය හඳුනාගත හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

මේ අතර අදට යෙදී ඇති තෛපොංගල් උත්සවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුක්කල් ශිව ශ්‍රී රාමචන්ද්‍ර පූජකතුමන් පැවසූවේ, “කොවිඩ් වෛරසය නිසා මෙවර අපි තෛපොංගල් සැමරීම සිදුකළ යුත්තේ ඉතාම ප්‍රවේසමෙන්. සෞඛ්‍ය අංශවලට අපි සහයෝගය දෙන්න ඕනේ. මේ වසරේදී දෙවියන් අපිට දීලා තියෙන පණිවුඩය තමයි, ඔයාගේ ජීවිතය තියෙන්නේ ඔයාගේ අතේ කියලයි,” යනුවෙනි.

එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් නිවසට වී තෛපොංගල් උත්සවය සමරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියලු ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීමක් කළේය.

“පෙර අවුරුදුවල තෛපොංගල් උත්සවය අපේ සහෝදර ද්‍රවිඩ ජනතාව ඉතාමත් උත්සවශ්‍රීයෙන් සැමරුවා. නමුත් මෙවර තෛපොංගල් දිනය වෙනදා වගේ සමරන්න හැකියාවක් ලැබිලා නෑ.  කොරෝනා වෛරසය අපිට ඒකට ඉඩ දීලා නෑ. ඒ නිසා මේ සැමරීම් ඔබේ පවුලේ අයට විතරක් සීමාකරන්න. සෞඛ්‍ය පුරුදුවලට මුල්තැන දෙමින් එම උත්සව කටයුතු සිදුකරන්න.”
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img