Tuesday, September 1, 2026
HomeNEWSකොළඹ ප්‍රදේශ 2ක් යළි හුදකලාවීමේ අවදානමක

කොළඹ ප්‍රදේශ 2ක් යළි හුදකලාවීමේ අවදානමක

කොළඹ ප්‍රදේශ 2ක් යළි හුදකලාවීමේ අවදානමක

කොළඹ ප්‍රදේශ 02ක ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අවනත නොවී නැවතත් සමූහ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවට සිවිල් ඇඳුමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව නැවතත් එළෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් ඇති බව ඔහු පෙන්වා දෙයි. 

ඒ හේතුවෙන් නැවත එම ප්‍රදේශවලින් කොවිඩ් පොකුරු සහ අනු පොකුරු ඇතිවීමේ ඉඩකඩ ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අවදානම යළිත් මතු වුවහොත් එම ප්‍රදේශ නැවත හුදකලා කිරීමට සිදුවිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයකින් කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කරයි.

මේ අතර  කොළඹ නගරයේ දීර්ඝ කාලයක් හුදකලා කර තිබූ පොලිස් වසම් සියල්ලම මේ වනවිට හුදකලා බවින් මුදාහැර තිබේ.

මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 24 දෙනෙකු ඊයේ (12) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා අත්අඩංගුවට පත්වූ සංඛ්‍යාව 2462කි. 

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක් ආශ්‍රිතව ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම අද (13) දින සිට යළි ආරම්භ කිරීමටද පියවර ගෙන තිබේ. 

ඉකුත් දෙසැම්බර් 18 දින සිට ජනවාරි 05 දක්වා එම කටයුතු අඛණ්ඩව සිදුවී තිබුණි.

බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් 2471 දෙනෙකුගේ මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් 47 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img