Tuesday, September 1, 2026
HomeNEWSමොරවැව ප්‍රාදේශීය සභාවේ බලය

මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය

මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ඒ අනුව, ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව්.ආර්.ජගත් කුමාර වේරගම මහතා නව සභාපතිවරයා වශයෙන් ඊයේ (2021.01.15) පැවති ඡන්දවිමසිමේ දි බහුතර මන්ත්‍රි සංඛ්‍යාවකගේ කැමැත්ත හිමි කරගනිමින් තේරි පත්විය.

මොරවැව ප්‍රාදේශීය සභාව මන්ත්‍රි ආසන 16 කින් සමන්විත අතර 2018 පැවති පළාත් පාලන මැතිවරයේදී  මන්ත්‍රි ආසන 07 ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණට හැකි විය. නමුත් දමිළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි කණ්ඩායම විපක්ෂය වශයෙන් කටයුතු කළේය.

2020 දෙසැම්බර් 31 පැවති මොරවැව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ඡන්ද විමසීමේදි බහුතර ඡන්දයෙන් එම අයවැය ලේඛනය පරාජයට පත්විය. ඒ අනුව, සහෝදර පක්ෂවල සහයෝගය ද ඇතිව පාලන බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 07 සමඟින්එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙකු ද පොදුජන පෙරමුණට පක්ෂව ඡන්දය භාවිත කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img