Monday, August 31, 2026
HomeNEWSඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 300ක ඉතිරියක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 300ක ඉතිරියක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ ( 19 ) කෝප් කමිටුවේදී පැවසීය.

ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳ ව සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කම්ටුව ඊයේ ( 19 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අදහස් දක්වමින් එම තොරතුරු ප්‍රකාශ කළේය.

විශේෂයෙන් පසුගිය වසර තුළ බොරතෙල් බැරලයක මිල පහළ යාම නිසාත් තවත් හේතු කිහිපයක් නිසාත් එම වාසිය ලබාගැනීමට හැකි වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම තොරතුරු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා බොරතෙල් මිල අඩුවීම නිසා පසුගිය වසර තුළ ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවට ලැබුණු ලාබය පිළිබඳ ව  කොප් කමිටුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එසේම දුම්රිය මගින් තෙල් ප්‍රවාහනය ආරම්භකිරීම පිළිබඳවත් කමිටුවේ අවධානය යොමුවූ අතර මේ වන විටත් සියයට තිස්ගණනක් දුම්රියෙන් තෙල් ප්‍රවාහනය සිදුවන බවත් එය 42% දක්වා ඉක්මනින් වැඩිකරන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img