මීටියාගොඩ අමානුෂික ඝාතනයේ සැකකරුවන් පොලීසියට ඉදිරිපත් වෙයි
මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී සිදුකර තිබූ ඝාතනය සම්බන්ධයෙන් ප්රධාන සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 25 වනදා මෙම ඝාතනය සිදුව තිබූ අතර එහිදී ඝාතනයට ලක්වූ තරුණයාගේ එක් අතක් වෙන්වන සේ කපාගොස් තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් විසින් මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුවය.
සැකකරුවන් ඝාතනය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදි 2ක්, ඝාතනය සඳහා උපයෝගී කරගත් උල් පිහි 02ක්, කඩුවක් සහ මන්නා පිහියක් ද පොලීසිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ත් 32ත් අතර වයස්වල පසුවන මීටියාගොඩ ප්රදේශයේම පදිංචිකරුවන්ය.
සැකකරුවන් අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එළෙස ඝාතනය වී තිබුණේ මීටියාගොඩම පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.






















