Monday, August 31, 2026
HomeNEWSවෙරළේඑකතු වන ප්ලාස්ටික් වලින් අලියෙක් සැකසූ “ලලිත්“ නැගෙනහිර වෙරළෙන් ලෝක වාර්තාවකට සැරසෙයි.

වෙරළේඑකතු වන ප්ලාස්ටික් වලින් අලියෙක් සැකසූ “ලලිත්“ නැගෙනහිර වෙරළෙන් ලෝක වාර්තාවකට සැරසෙයි.

වෙරළේඑකතු වන ප්ලාස්ටික් වලින් අලියෙක් සැකසූ “ලලිත්“ නැගෙනහිර වෙරළෙන් ලෝක වාර්තාවකට සැරසෙයි.

කැළිකසල වලින් තොර පරිසරයක් ඇති කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ පරිසරය සහ වෙරළ සංරක්ෂණය කිරීමට අදාළ විශේෂබ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගත්තාය.. 

එහි එක් අදියරක් ලෙස ත්‍රිකුණාමල මුහුදු වෙරළේ එකතුවන ප්ලාස්ටික් සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය වලින් අඩි 100ක් දිග තල්මසෙකු නිර්මාණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියකට එකගතාවය පළවිය.

එය නිර්මාණය කරන්නේ ප්‍රවීණ නිර්මාණ ශිල්පියෙකු වන ලලිත් සේනානායක මහතා විසිනි. එය ලෝක වාර්තාවක් වන නිර්මාණයක් විමද නියමිතය. මීට පෙර ඔහු විසින් මුහුදු වෙරළෙන් එකතු කර ගත් ප්ලාස්ටික් සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය වලින් විශාල ඇතෙකු නිර්මාණය කර ඇති අතර වත්තල උස්වැටකෙයියාව වෙරළේ එම අලියා සවි කර තිබේ.

ත්‍රිකුණාමලය නගර සභාව සහ තවත් ආයතන කිහිපයක සහයෝගයෙන් මෙම තල්මසා නිර්මාණය කිරීමට නියමිතය. මේ අතර ප්ලාස්ටික් උපයෝගි කර ගනිමින් තාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ඇතුළු තවත් පරිසර සංරක්ෂණ ව්‍යාපාතින් කිහිපයකත් පිළිබදව මෙහිදි සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් යූ.එල්.ඒ. අසීස්, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන් , නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

වැඩි විස්තර – ලලිත් සේනායක මහතා 

දු.අ 076-3693276

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img