Monday, August 31, 2026
HomeNEWSබස්නාහිර පළාතේ දෛනික ආසාදිතයින් වැඩිවේ

බස්නාහිර පළාතේ දෛනික ආසාදිතයින් වැඩිවේ

බස්නාහිර පළාතේ දෛනික ආසාදිතයින් වැඩිවේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගින් 772ක් ඊයේ (27) දිනය තුළ අලුතින් හඳුනාගෙන තිබුණි.

ඉන් ආසාදිතයින් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් ය. 

ඊයේ හඳුනාගත් රෝගීන් අතරින් වැඩිම කොවිඩ් -19  ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 189කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 178ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 93ක් හඳුනාගෙන තිබේ.

තවත් ආසාදිතයින් 282 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 16කින්  හඳුනාගෙන ඇත.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 60,694කි.

ඉන් සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 52,566ක් වන අතර කොවිඩ් -19 ආසාදිතයින් 7,838 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

කොවිඩ් -19 ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවද 290ක් දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ අලුතින් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ,

කොළඹ  – 189
ගම්පහ – 178
කළුතර – 93
කුරුණෑගල – 62
අම්පාර – 36
රත්නපුර – 23
මාතර  – 20
ගාල්ල – 19
මහනුවර – 17
කෑගල්ල – 17
මන්නාරම – 13
මාතර – 13
කිලිනොච්චිය – 11
හම්බන්තොට – 10
නුවරඑළිය – 08
මුලතිව් – 07
යාපනය – 07
පුත්තලම – 07
බදුල්ල – 07
මඩකලපුව – 04
පොළොන්නරුව – 01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img