රට තුළ පවතින ආර්ථික අර්බුදයට වත්මන් ආණ්ඩුවට විසඳුම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
“සොරි කවුද දිනුම්” සම්මන්ත්රණ මාලාවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා
“දැන් ගිය අවුරුද්දේ මුදල් අච්චු ගහලා තියෙනවා කෝටි 65ක්. මේ ජනවාරි 1, 2, 3 දවස් තුනට සල්ලි අච්චුගැහුවා රුපියල් කෝටි 13,000ක්. දැන් ඩොලර් මදි මොකද වෙන්නේ ඩොලරයේ අගය ඉහළ යනවා. දැන් රුපියල් 200ය පැන්නා. මේ එන්නත ගෙන්වීමට ආණ්ඩුවට සල්ලි නැහැ. ඉන්දියාවේ විදේශිය ඇමතිතුමා හමුවුණාම අහනවා අපිට වැක්සින් ටිකක් දෙන්න බැරිද ? චීනයේ තානාපති ගාවට ගිහින් අහනවා අපිට ටිකක් දෙන්න බැරිද ? WHO එකෙන් අහනවා අපිට ටිකක් දෙන්න බැරිද ? මොකක්ද මේ වෙලා තියෙන්නේ. සැත්කමක් කරගන්න සල්ලි නැති වුණාම ඒකට ස්පීකරයක් බැඳගෙන ආධාර එකතුකරන එකයි. මේ ආණ්ඩුව වැක්සින් එකක් ගේන්නට බැරි වුණාම රටවල් ගානේ වැක්සින් ගිඟාකන එකයි අතර වෙනස මොකක්ද ? දෙකම එකයි. කීයද යන්නේ කෝටි 1,000යි. කෝටි 1,000ක් හොයා ගන්න බැරිද ? හොයාගන්න පුළුවන් හැබැයි ජනතාව සුවපත් කිරීම ඒ අයගේ වැඩේ නෙමෙයි.“






















