ප්‍රවීණ රංගන ශිල්පිණියක වන මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය රංගන ශිල්පිණියක වන මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඒ මහත්මිය 81 වන වියේ පසු වූවාය.
ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වේදිකා නට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති ඇය නාට්‍ය අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට ද සිය දායකත්වය දක්වා තිබුණි.
මියුරි සමරසිංහ මහත්මිය නෑදෑයෝ, දූදරුවෝ, ගිරය, අසල්වැසියෝ, සුර අසුර, ඉරපායා ඇතුළු ජනතාව වඩාත් ආදරය කළ නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී තිබුණි.
සිය රංගන කුසලතාව වෙනුවෙන් සම්මාන රැසකින් ද ඇය පිදුම් ලැබුවා ය.






















