මංගල උත්සවයකට ගිය 8කට කොවිඩ් – මනාලයත් ඒ අතර
මොරවක, පිටබැද්දර ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
පසුගිය 3 වන දින සිදුකළ PCR පරීක්ෂණවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
පිටබැද්දර ප්‍රදේශයේ උත්සව ශාලාවක පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම උත්සව ශාලාවේ පැවැත්වූ විවාහ උත්සවයට සහභාගී වූ පිරිස් එලෙස PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී එම නව ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
මනාලයාද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.






















