Friday, August 28, 2026
HomeNEWSකිරිඳි ඔයේ වැලි ජාවාරම

කිරිඳි ඔයේ වැලි ජාවාරම

කිරිඳි ඔයේ වැලි ජාවාරම

කිරිඳි ඔයේ අනවසර වැලි කැණීම් නිසා එහි ඉවුරු දැවැන්ත ලෙස ඛාදනය වන බවට “අද දෙරණ“ට වාර්තා විය.

ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පිළිබඳව නීතියකරවන පාර්ශ්ව කොතෙක් දැනුවන් කළද ඔවුන් මුනිවත රකින බවය.

කලක පටන් කිරිඳි ඔයේ නීති විරෝධී අයුරින් වැලි කැණීම් සිදුකරන බවට අපට තොරතුරු වාර්තා විය.

මේ හේතුවෙන් ඉවුරු අවට ජීවත්වන ජනතාවද දැඩි ලෙස පීඩාවට පත්ව සිටී.

මීට අමතරව ඉවුර ඛාදනය වීම හේතුවෙන් වැසිකිලි අපද්‍රව්‍ය ගඟට එකතු වන අයුරු එහි ගිය අපට දක්නට ලැබිණි.

ගං ඉවුර දෙපස, කිරින්ද පොලීසියට සහ වීරවිල පොලිස් වසම්වලට අයිති වුවද පොලීසියේ පූර්ණ ආශිර්වාදයෙන් මෙම අනවසර වැලි ජාවාරම සිදු වෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

වැලි ජාවාරම්කරුවන් කිරිඳිඔය ගං ඉවුර දෙපස ඇති දැවැන්ත කුඹුක් ගස් හා වටිනා දැව ද කපා දමා තිබේ.

ඉවුර මහා පරිමාණයෙන් ඛාදනය වීම හේතුවෙන් ඉවුර දෙපස ඇති ගස් කිරිඳි ඔය මතට කඩා වැටී තිබුණු ආකාරය දැක ගතහැකි විය.

දැන්වත් බලධාරීන්ගේ අවධානය මේ දෙස යොමුවන තෙක් “අද දෙරණ“ අවධානයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img