Friday, November 13, 2026
HomeNEWSදෛනික ආසාදිතයින් ගණන ඉහළ ගියේ ඇයි ?

දෛනික ආසාදිතයින් ගණන ඉහළ ගියේ ඇයි ?

දෛනික ආසාදිතයින් ගණන ඉහළ ගියේ ඇයි ?

වසංගත රෝග විද්‍යානූකූලව නිර්වචනය කිරීමේ දී කොවිඩ්-19 වෛරසය මෙරට තුළ මෙතෙක් සමාජගතව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

“අද දෙරණ බිග් ෆෝකස්“ වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – ඊයේ “අද දෙරණ“ ප්‍රවෘත්ති විකාශයේ වාර්තා වුණා සෞඛ්‍ය අංශ කරපු ප්‍රකාශයක්. එකක් තමයි රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා කියලා. ඇත්ත තත්ත්වය රෝගීන් වැඩිපුර වාර්තා වෙනවාද ? මේ රෝගීන් සංඛ්‍යාත්මකව මේ ප්‍රමාණය කොච්චරක්ද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් – “පසුගිය දවස් 4ක – 5ක රසායනාගාර වාර්තා ලබාදීමේදී ප්‍රමාදයක් සිදුවුණා. අපේ PCR කට්ටල සහ අපේ ලැබ්වල තිබුණ ප්‍රශ්න වගයක් නිසා. මේ බැක්ලොග් එක තමයි ඊයේ ඉදලා ක්ලියර් කරන්න පටන් අරගෙන ගත්තේ එතකොට ඒ අනුව මේ වැඩිපුර ගණනක් පොසිටිව් වෙලා ආවේ ඊයේ. ඊයේ නවසිය ගණනක් පොසිටිව් වුණා අදත් ඒ විදියෙම ගාණක් එන්න පුළුවන්. අපිට තව දවසක් දෙක්ක යයි මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න.“

ප්‍රශ්නය – සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක් එල්ලවෙනවා දකුණු අප්‍රිකාවේ තියෙනවා කියන මේ කාණ්ඩය අපිට හදිසියේවත් ආවොත් අපි කොහොමද මුහුණදෙන්නේ පරීක්ෂණ කරන්න පුළුවන් යන්ත්‍ර තියෙනව ද? 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් –  “රජයේ රෝහල්වල නැතිවුණාට විශ්වවිද්‍යාලවල තියෙනවා.“

වෛද්‍ය අන්වර් හමිදානි මහතා – “සුමාන තුනකට කලින් වෛද්‍යවරියක් ලංකාවට එනවා ඒකෙදී අපි සැකකරනවා ඒ වෛද්‍යවරිය ඒ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු විය හැකි කියලා. ඒක අපි පරීක්ෂාවට ලක්කරනවා. ඒ පරීක්ෂණයෙදී හොයාගන්නවා එහෙම නෙමෙයි කියලා. අපේම රජයේ තියෙන යාන්ත්‍රණය තුළින් තමයි සොයාගත්තේ. ඒ නව ප්‍රභේදය හඳුනාගැනීම සඳහා අවශ්‍ය ක්ෂණික කටයුතු ලංකාවේ තවමත් සිදුකෙරෙනවා. ඒ හරහා හඳුනාගැනීම් සිදුවෙනවා.“

ප්‍රශ්නය – හැමදාම අහන ප්‍රශ්නය මේක තාම සමාජගත වෙලා වැද්ද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් –  “PCR කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරලා තියෙනවා. නමුත් අපේ පොසිටිව් රේට් එක තවමත් ඒ ගාණෙම තමයි තියෙන්නේ. සමාජ ගතවීමක් වෙලා තියෙනවානම් PCR කරන ප්‍රමාණයත් එක්ක එන්න එන්න පොසිටිව් රේට් එක වැඩිවෙන්නට ඕනේ. වැඩිවීමක් තියෙනවා නමුත් වසංගත රෝග විද්‍යානුකූලව තවම සමාජ ගතවීමක් කියන තත්ත්වයකට අපිට නිර්වචනය කරන්න බැහැ කියලා තමයි ඒ අය කින්නේ.“   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...

සතියක් ඇතුළත දෙපාරක්ම කොළඹ ගංවතුරට යට වුණා.. කොළඹ මහ නගර සභාව හොඳටම ෆේල්- ෂිරාස් යුනුස්

සතියක් ඇතුළත පැමිණි දෙවැනි ගංවතුරෙන්ද කොළඹ යටවීම වළක්වා ගැනීමට මාලිමාවෙන් පාලනය වන වර්තමාන කොළඹ මහ නගර සභාවට නොහැකි වූ බව නව ලංකා නිදහස් පක්ෂයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img