Wednesday, August 26, 2026
HomeNEWSආණමඩුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

ආණමඩුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

ආණමඩුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආණමඩුව කලාපීය මධ්‍යස්ථානය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.02.11දින පස්වරුවේ විවෘත කළේය.

සමරු ඵලකය නිරාවරණය කරමින් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආණමඩුව කලාපීය මධ්‍යස්ථානය විවෘත කළ අග්‍රාමාත්‍යතුමා එහි පැමිණ සිටි අභ්‍යාස ආයතනයේ සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ පිළිසදරක නිරත වුයේය.

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්තිය යථාර්ථවත් කිරීමේ අරමුණ ඇතිව නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන පියංකර ජයරත්න, සීතා අරඹෙපොළ, සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ, අලි සබ්රි රහීම් මහත්ම මහත්මීන් හා නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම් සී.ඩබ්ලිව් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img