Saturday, August 22, 2026
HomeNEWSසෞඛ්‍ය නීති පිළිනොපදින මහනුවර ටියුෂන් ගුරුවරු

සෞඛ්‍ය නීති පිළිනොපදින මහනුවර ටියුෂන් ගුරුවරු

සෞඛ්‍ය නීති පිළිනොපදින මහනුවර ටියුෂන් ගුරුවරු

මහනුවර නගරය ඇතුළු අනෙකුත් නගරවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුමනය නොකරන උපකාරක පන්ති  නැවැත්වීමට පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් ලබාදුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ අනුව පොලීසියට හා හමුදාවට සිදුකළ විශේෂ ඉල්ලීමක් මත මහනුවර නගරයේ සියලුම උපකාරක පන්ති වහාම පරීක්ෂා කිරීමට නියමිත බව ද ඒ මහතා කියාසිටියේය.

එහිදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින උපකාරක පන්ති වසා දැමීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කළ බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ලොකු තර්ජනයක් තියෙනවා මේ පන්තිවල ඉන්න ළමයි තමයි දැන් සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු 1 වන දා සිට මුහුණදෙන්නේ. එතකොට විභාගයට යම් අවධානමක් නොවෙන ලෙස අපේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධ්‍යාපන පළාත් අධ්‍යක්ෂතුමා දැනුවත් කළා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර අදාළ පත්වීම් ලිපිය ජනාධිපති...

අර්චුනා රාමනාදන් සිය වසර දෙකක පාර්ලිමේන්තු ජීවිතයට සමු දෙමින් අවසාන කතාවෙන් සභාව අමතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්ච්චුනා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අද තමා සිදුකරන්නේ පාර්ලිමේන්තුවේ අවසන් කතාව බවයි. එහිදී තමා විවිධ අවස්ථාවල සිදුකළ ප්‍රකාශයන්ගෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img