Saturday, August 22, 2026
HomeNEWSකොළඹ නගරයේ ජනතාවට දැනුම්දීමක්

කොළඹ නගරයේ ජනතාවට දැනුම්දීමක්

කොළඹ නගරයේ ජනතාවට දැනුම්දීමක්

ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් සොයාගත් එම නව වෛරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව ඇතැයි ද වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියාසිටියේය.

ඒ අනුව මංගල උත්සව, උපන්දින සාද හා රාත්‍රී සමාජ ශාලා පැවැත්වීම නතර කළ යුතු බව ද පැවසු වෛද්‍යවරයා, හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටිය යුතු බවත් එසේ නොවුනහොත් කොළඹ නගරය තුළ වැඩි වශයෙන් කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවටත් අනතුරු ඇඟවීය.

“මෙය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකියි. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මංගල උත්සව, උපන්දින සාද හා නයිට් ක්ලබ් ඒවගේ දේවල් නොකළ යුතුයි. ඒ වගේම හැකි තරම් මේ සෙනඟ ගැවසෙන තැන්වලට නොගිහින් ඉන්න. මොකද එසේ නොවුනහොත් අපිට තවත් රෝගීන්ගේ වැඩිවීමක් කොළඹ නගරය තුළ සහ පොදුවේ ලංකාවෙන් දැකගත හැකිය.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර අදාළ පත්වීම් ලිපිය ජනාධිපති...

අර්චුනා රාමනාදන් සිය වසර දෙකක පාර්ලිමේන්තු ජීවිතයට සමු දෙමින් අවසාන කතාවෙන් සභාව අමතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්ච්චුනා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අද තමා සිදුකරන්නේ පාර්ලිමේන්තුවේ අවසන් කතාව බවයි. එහිදී තමා විවිධ අවස්ථාවල සිදුකළ ප්‍රකාශයන්ගෙන්...

ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්

බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img