Saturday, August 22, 2026
HomeNEWSඅපිට පුළුවන් සියල්ල විනාශ කරලා දාන්න... ඉන්දියාවෙන් පොන්නි සම්බා 85ට ගෙනත් -බන්දුල

අපිට පුළුවන් සියල්ල විනාශ කරලා දාන්න… ඉන්දියාවෙන් පොන්නි සම්බා 85ට ගෙනත් -බන්දුල

අපිට පුළුවන් සියල්ල විනාශ කරලා දාන්න… ඉන්දියාවෙන් පොන්නි සම්බා 85ට ගෙනත් -බන්දුල

ඉදිරි වසර තුන තුළ කැකුළු, නාඩු සහ සම්බා සහල්වල මිල රුපියල් 100ට වඩා වැඩිවීමට ඉඩ නොතබන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මඩකලපුව නගරයේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ගොවියාට වඩා සාධාරණයක් සැලසෙන මිලක් සහතික මිල ලෙස ලබා දී ඇති බවය.

තෙත වී කිලෝවක් රු 44කටත් සාමාන්‍ය නාඩු කිලෝවක් රු 50ක් හා සම්බා කිලෝවක් සඳහා රු 52ක් ලෙස නිශ්චිත මිලක් නියම කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, එම මිලට වඩා වැඩියෙන් කවුරුන් හෝ සහල් මාෆියාවක් සෑදීම සඳහා මිල දී ගත්තොත් ඒ අයට රු 100කට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට කිසිවිටෙකත් ඉඩක් නොමැති බව ද පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“දැන දැනම තමුන් වැඩි මිලකට වී මිලදී ගන්නවා නම් ඔහු ඒ පාඩුව විඳගෙන ගොවියාට යහපතක් සලස්වා දීම සඳහා පුණ්‍ය කටයුත්තක් ලෙස එය කරනවා කියා අපි හිතනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය ලබන සතියේ සිට වැඩි මිලට සහල් අලෙවි කරන සියලු වෙළෙඳසැල් වටලලා නඩු පැවරීමේ ක්‍රියාවලිය සිද්ද කරනවා. අපිට පුළුවන් මේ සියල්ල විනාශ කරලා දාන්න. අපිට පුළුවන් ඉන්දියාවෙන් පොන්නි සම්බා රු 85කට මුළු ලංකාව ම පිරෙන්න හාල් පුරවන්න. එහෙම වුණාම ගොවියන්ට තමන්ගේ නිෂ්පාදනය විකුණ ගන්න බැරිවෙනවා. එතකොට මෝල් හිමියන්ටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. පසුගිය රජය සමයේ දිගටම අනුගමනය කළ ප්‍රතිපත්තිය තමයි අස්වැන්න කැපෙන කාලයටත් හාල් පිට රටින් ගෙනල්ලා තොග වශයෙන් ගෙනල්ලා වෙළෙඳපොළට අතඇරිය එක.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න කුඩා සහ මධ්‍ය...

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img