Saturday, August 22, 2026
HomeNEWSදියසරු උයන නාගරික තෙත්බිම් මහගෙදරින් අපූරු අත්දැකීම් රැසක්.

දියසරු උයන නාගරික තෙත්බිම් මහගෙදරින් අපූරු අත්දැකීම් රැසක්.

දියසරු උයන නාගරික තෙත්බිම් මහගෙදරින් අපූරු අත්දැකීම් රැසක්.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්ව සිටි අවදියේ ගොඩනගන ලද කොළඹ අග නගරයේ පිහිටි ප්‍රධාන තෙත්බිම් උද්‍යානය හෙවත් දියසරු උයනට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නව අංග රැසක් එකතු කිරීමේ පුළුල් සැලසුම් දැනට සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

බත්තරමුල්ල, ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පාරේ කිඹුලාවලට ආසන්නව දියවන්නා ඔය ඉදිරිපිට පිහිටා තිබෙන දියසරු උයන අක්කර 60 ක ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිමකින් සමන්විතයි.

ජල කළමනාකරණය සිදු කරන අතර ම ජෛව විවිධත්වය නැරඹීමට, දැනුම වර්ධනය කරගැනීමට සහ ජීවිතවලට අමතර වටිනාකමක් ලබා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව උදාකර දීම යන අරමුණු මත දියසරු උයන නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආචාර්ය ඉංජිනේරු එන්.එස්. විජයරත්න මහතා ප්‍රකාශ කරයි. 

2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟ ම ඇතිවන නිදහස් වටපිටාව තුළින් ඇරඹෙන “කොළඹ අගනගර තෙත්බිම් ක්‍රමෝපාය සැලැස්ම” යටතේ තෙත්බිම් ගුණාත්මකව පරිහරණය කරන ආකාරය පිළිබඳව සොයාබැලෙන පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ලෙස දියසරු උයන නම් කර තිබේ.

මෙම භූමිභාගය 1980 කාලයේ දී කුඹුරු යායක් ලෙස පැවති අතර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ගොඩනැගීමේ දී සාදන ලද වැවේ රොන්මඩ ඉවත් කර දමා ඇත්තේ මෙම දියසරු උයන පිහිටි භූමිභාගයට ය. එහිදි රොන්මඩ බහුල වීම මත විවිධ ශාක වර්ග ඇතිවීමත්, ගංවතුරින් යටවීමත්, මත්ස්‍යයින් බෝ වීම සහ විවිධ වර්ගවල පක්ෂීන්ගේ පැමිණීමත් හේතුවෙන් මෙම ප්‍රදේශය ස්වාභාවිකව ම සංවර්ධනයට ලක්වී ඇත.

යුද බිය පහවී, ජනතාවට නිදහසේ ජීවත්වීමට අවස්ථාව ඇතිවීමත් සමඟ ම ඇරඹුණු නාවල නාගරික තෙත්බිම් උද්‍යානය, දියත උයන වැනි තෙත්බිම් උද්‍යානවලට සමඟාමීව ගොඩනැගුණු දියසරු උයන මේ වන විට විවිධ අවස්ථා සඳහා ජනතාව භාවිතා කරති.

විවිධ උත්සව අවස්ථා සඳහා ඡායාරූප ගැනීම් මෙන් ම රූගත කිරීම්, පරිසර වැඩමුළු සහ පාරිසරික පර්යේෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසකට අදාළ කටයුතු සඳහා දියසරු උයන කොළඹ ආසන්නයේ ම පිහිටි ජෛව විවිධත්වයෙන් යුත් උද්‍යානයන් වීම විශේෂත්වයකි.

දියසරු උයනෙහි ඉතා යහපත් ජෛව පරිසර පද්ධතියක් පැවතීම, සැමට සරිලන ප්‍රමාණවත් ඉඩක් තිබීම, ජලය, ශාක සහ වගුරුබිම් පැවතීම මෙන් ම මේ සියල්ල ස්වභාවික ක්‍රියාවලියට අනුකූලවීම නිසා මෙම භූමිය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

දියසරු උයනෙහි ශාක වර්ග 150 කට වඩා අධිකව පවතියි. මෙහි වසන සත්ත්ව කොට්ඨාශ අතරේ ‘බත්කූරා’ නමින් හැඳින්වෙන සත්ව විශේෂය විවිධත්වයෙන් යුත් ගහනයක් ලෙස වර්ධනය වී ඇත. වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති හඳුන් දිවියන් මෙන් ම නිශාචර සතෙකු ලෙස හැඳින්වෙන දිය බල්ලා, විවිධ වර්ගයේ සමනලුන් සහ පක්ෂීන් ඒ අතර විශේෂ වී තිබේ.

ආක්‍රමණික ශාක බහුල මෙහි දේශීය ශාක අතර කඳුරු, වෙල්ආතා, හබරල, ගොඩපර සහ හුනු කිරිල්ල වැනි දේශීය ශාක දක්නට ලැබේ.

ඉදිරි වර්ෂයක දී පැවැත්වීමට නියමිත මෙවැනිම වූ තෙත් බිම් ආරක්ෂා කරගමින් සංවර්ධනය කර ඉදිරියට පවත්වාගෙන යන රටවල් 179 ක් එකතුවෙමින් සෑදුනු ලෝක සංවිධාන තෙත්බිම් සමුළුවේ මීළඟ සමුළුව දියසරු උයන භූමියේ දී පැවැත්වීමට නියමිතයි.

ලංකාවේ නාගරික තෙත්බිම්වල මහගෙදර ලෙස හැදින්වෙන දියසරු උයන ලංකාවේ එකම නාගරික තෙත්බිම් මධ්‍යස්ථානයයි. 

දියසරු උයන සඳහා මේ වන විට රුපියල් මිලියන සියයකට ආසන්න මුදලක් වියදම් කර ඇත.

දියසරු උයන බිහිකිරීමේ පර්යේෂණවලදී එකිනෙකට වෙනස් වෘත්තීන්ට ගැලපෙන ස්ථාන, එම වෘත්තීන්ට අනුකූලව කළමනාකරණය කර ගැනීමේ හැකියාව පිළිබඳ විශේෂ අවධානය යොමුකර තිබේ. ඒ යටතේ ගොඩනැගූ ස්ථාන මඟින් පෙර පාසලේ සිට පශ්චාත් උපාධිය දක්වා බාහිර විෂය දැනුමක් දියසරු උයනෙන් ලබා ගැනීමේ හැකියාව මෙම භූමියෙන් ලබාගැනීමට හැකිවන පරිදි මෙම භූමිය ගොඩනඟා තිබීම විශේෂත්වයක් වේ.

දියසරු උයනෙහි දැනට භාවිත කරනු ලබන්නේ මෙයට පෙර මෙහි භාවිතා කළ ගොඩනැගිලි වීම තවත් විශේෂත්වයකි. දියසරු උයනෙහි අනෙක් විශේෂත්වය වනුයේ කිසි දිනෙක වැඩ අවසන් නොවීමයි. ඒ අනුව දියසරු උයන දිනෙන් දින පරිණාමයට ලක් වෙමින් නිතර නිතර අලුත් වන නිසාය.

කොළඹට ඉතා නුදුරින් පිහිටි දියසරු උයන දුර්ලභ සතුන් හා ශාඛ විශේෂවලින් ද සමන්විත තෙත්බිම් උද්‍යානයක් වන බැවින් දරුවන් සමඟ ජනතාවට විවේකි සුවයෙන් ගත කළ හැකි කදිම ස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හඳුන්වනු ලබයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් දියසරු උයනෙහි සංවර්ධනය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.එස්. ද සොයිසා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

මෙම දියසරු උයනෙහි අසිරිය විඳ ගැනීම සඳහා ජනතාව තුළ පවතින උන්නදුව ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img