Saturday, August 22, 2026
HomeNEWSඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසටත් පාස්කු කොමිසමෙන් චෝදනා එල්ලවෙලා - අස්ගිරි පාර්ශ්වය

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසටත් පාස්කු කොමිසමෙන් චෝදනා එල්ලවෙලා – අස්ගිරි පාර්ශ්වය

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසටත් පාස්කු කොමිසමෙන් චෝදනා එල්ලවෙලා – අස්ගිරි පාර්ශ්වය

ඉස්ලාම් අන්තවාදී අනතුර රටට අනාවරණය කළ පාර්ශ්ව ‍පාස්කු කොමිෂන් වාර්තාවෙන් චූදිතයින් බවට පත්කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට මූලසාධක වූ කරුණු සහ පුද්ගල පාර්ශ්වයන් පිළිබඳ කොමිසමේ අවධානය යොමු වී නොමැති බවය.

“අපි බලාපොරොත්තු වුණේ මේ ප්‍රහාරය පිටුපස හිටිය පුද්ගලයෝ කවුද? ඊට වගකිවයුත්තෝ කවුද? මේ සඳහා අනුබල දුන්නු පිරිස කවුද? අන්තවාදය ප්‍රවර්ධනය වුණ පසුබිම කුමක්ද? යන කරුණු හඳුනාගෙන ඔවුන්ට දඬුවම්දීම සඳහා අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියල විශ්වාසයක් අපිට තිබුණේ. දැන් බලපුවාම ඒ අනතුර පෙන්නපු පිරිසත් වගකීම් පැහැරහැරිය පිරිසත් තමයි වරදකරුවන් බවට පත්වෙලා තියෙන්නේ. මේ තුළින් වැරැදි ආකල්පයක් ලෝකය තුළ නිර්මාණය වෙන්න පුළුවන්,” යනුවෙන් පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img